දියවැඩියා ඇස් රෝග

දියවැඩියා රෙටිනොපති තත්ත්වය සාමාන්‍යයෙන් ඉහල අදියරකට ලගා වූ විට සහ ඔබගේ පෙනීමට එයින් බලපෑමක් ඇති වූ විට පමනක් විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය වේ. සියලුම අදියරයන් වලදී ඔබගේ දියවැඩියාව කලමනාකරණය ඉතා වැදගත් වේ.

ඔබේ දියවැඩියාව කළමනාකරණය

ඔබගේ ප්‍රතිකාරයේ ඉතාම වැදගත් කොටස නම් ඔබහේ දියවැඩියාව පාලනය කර ගැනීමයි. දියවැඩියා රෙටිනොපතිහි මුල් අදියර වලදී, ඔබේ දියවැඩියාව පාලනය කිරීම පෙනීමේ සිදුවන ප්‍රශ්න වර්ධනය වීම වලක්වා ගැනීමට ඉවහල් වේ. වඩාත් ඉහල අදියර වලදී, ඔබගේ පෙනීම පීඩාවට වත් වූ විට හා එවැනි අවධානමක් ඇති විට, ඔබගේ දියවැඩියාව පාලනය කරගැනීම තත්ත්වය වඩාත් නරක අතට පත්වීම වැලැක්වීමට උපකාරී වේ.

වර්ධනය වූ දියවැඩියා රෙටිනොපති සදහා ප්‍රතිකාර

ඔබගේ පෙනීමට තර්ජනය කරන හෝ පීඩාවට පත් කරන දියවැඩියා රෙටිනොපති සදහා, ප්‍රධාන ප්‍රතිකාර නම්:

  • විකිරණ (laser) ප්‍රතිකාර - ප්‍රගුණන දියවැඩියා රෙටිනොපති (proliferative diabetic retinopathy) තත්ව වලදී ඇසේ පිටුපස (දෘෂ්ටි විතානයේ) නව රුධිර නාලිකා වර්ධනට ප්‍රතිකාර කිරීමට සහ සමහර මැකුලෝපති (diabetic maculopathy) තත්වයන් ස්ථායී කිරීමට
  • ඇස් වලට එන්නත් කිරීම - ඔබගේ පෙනීමට තර්ජනයක් වන බරපතළ මැකුලෝපති (diabetic maculopathy) තත්වයන් ට ප්‍රතිකාර කිරීමට
  • ඇස් වල ශල්‍යකර්මයන් - රෙටිනොපති තත්ත්වය වඩාත් වර්ධනය වී විකිරණ ප්‍රතිකාර කල නොහැකි විට ඇසෙහෙ ඇති රුධිරය සහ කැලැල් පටක ඉවත් කිරීමට

විකිරණ(laser) ප්‍රතිකාර

ඉහල අදියරවල ඇති දියවැඩියා රෙටිනොපති තත්වයන් වලදී ඇසෙහි පිටුපස නව රුධිර නාලික වලට ප්‍රතිකාර කිරීම සදහා විකිරණ (laser) ප්‍රතිකාර භාවිතා කරයි. මෙය සිදු කරන්නේ නව රුධිර වාහිනී බොහෝ සෙයින් දුර්වල වීම නිසා ඇස තුලට රුධිර වහනයට හේතු වීම නිසයි. ප්‍රතිකාර මගින් ඔබේ පෙනීම තවදුරටත් නරක අතට පත්වීම වලක්වන අතර දියවැඩියාව මගින් ඔබේ ඇසෙහි සිදු වූ වෙනස්කම් ස්ථායී කිරීමට උපකාරී වන මුත්, සාමාන්‍යයෙන් එය ඔබේ පෙනීම වර්ධනයට උපකාරී නොවේ. විකිරණ(laser) ප්‍රතිකාර:

  • ඔබේ දෑස් තුලට විකිරණ කාන්තිමත් කරවීම මෙහිදී සිදුවේ - මෙහිදී ඇස් වල වේදනාව නැති කිරීමට ස්ථානික නිර්වින්දක බිංදු ඔබට ලබා දේ; අක්ශි බිංදු මගින් ඔබේ කණීනිකාව පුළුල් කිරීම හා විශේෂිත අක්ශි කාච මගින් ඔබගේ ඇසිපිය විවෘත කර විකිරණ දෘෂ්ටි විතානය මතට යොමුකිරීම සිදු කරයි
  • සාමාන්‍යයෙන් විනාඩි 20-40ක පමණ කාලයක් ගතවේ
  • මෙය සාමාන්‍යයෙන් බාහිර රෝගී පදනම මත සිදු කරනු ලබන නිසා, ඔබට රාත්‍රියේදී රෝහලේ නැවතී සිටීම අවශ්‍ය නොවේ
  • විකිරණ ප්‍රතිකාර සායනයට එක් වරකට වඩා යාම අවශ්‍ය වනු ඇත
  • සාමාන්‍යයෙන් වේදනාකාරී නොවන මුත්, ඇසේ සමහර ස්ථාන වලට ප්‍රතිකාර කරන විටදී තියුණු ඇනෙනසුලු වේදනාවක් දැනෙන්නට ඉඩ ඇත

අතුරු ආබාධයන් ප්‍රතිකාර වලට පසුව පැය කිහිපයක් පුරාවට සමහර අතුරු ආබාධ අත්විඳීමට හැක. මේවාට ඇතුළත් විය හැකි ඒවා නම්:

  • බොද වී පෙනීම - මෙය පහව යන තෙක් ඔබට රිය පැදවීම කල නොහැකි නිසා, පොදු ප්‍රවාහනය භාවිතා කිරීම හෝ මිතුරෙක් හෝ ඥාතියෙක් මගින් ඔබව නිවසට රැගෙන යාම සදහා කටයුතු සකස් කරගත යුතුයි
  • ආලෝකයට සංවේදීතාවය වැඩිවීම - ඔබේ ඇස් පුරුදු වන තෙක් අව් කණ්ණාඩි පැලදීම උපකාරී වනු ඇත
  • රිදීම හෝ නොසන්සුන්බව - පැරසිටමෝල් වැනි සුලබ වේදනා නාශකයක්, උදව් වනු ඇත

විය හැකි සංකූලතාවන් ප්‍රතිකාර වල අවධානම පිලිබඳව කල්තියා ඔබට පවසා තිබිය යුතුයි. ඇතිවිය හැකි සංකූලතාවන් පහත ඒවාද ඇතුළුව:

  • රාත්‍රී හෝ පර්යන්ත (පැති) පෙනීම අඩුවීම - සමහර අයට මෙහි ප්‍රතිඵලයක් ලෙස රිය පැදවීම නතර කිරීමට සිදුවිය හැක
  • ඇස තුලට රුධිරය වහනය වීම හෝ විවිධ ද්‍රව්‍ය පාවෙනවා සේ පෙනීම <0(>ෆ්ලෝටර්ස් -floaters)
  • මාස කිහිපයක් පුරාවට විකිරණ මගින් ඔබේ ඇස පිටුපස ඇති කරන රටාවන් "දක්නට" හැකිවීම
  • ඔබගේ දෘෂ්ටියේ මධ්‍ය ලක්ෂ්‍ය මත කුඩා නමුත් ස්ථායී අන්ධ කොටසක් ඇතිවීම

ප්‍රතිකාර වලට පසු ඔබේ පෙනීම නරක අතට හැරුනේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න.

ඇස් වලට එන්නත් ලබාදීම

සමහර දියවැඩියා මැකුලෝපති (diabetic maculopathy) තත්වයන් වලදී ප්‍රති-VEGF නම් ඖෂධය එන්නතක් ලෙස කෙලින්ම ඔබේ ඇස තුලට ලබා දීම මගින් ඇසෙහි පිටුපස නව රුධිර නාලිකා ඇතිවීම වලක්වයි. මෙය ඔබේ ඇසෙහි ඇති ගැටලු තවදුරටත් නරක අතට හැරීම වැලැක්වීම මෙන්ම පෙනීම වැඩිදියුණු කිරීමට ද උපකාරී වේ. ප්‍රතිකාර අතරතුරදී:

  • ඔබගේ ඇස වටා ඇති සම පිරිසිදු කෙරෙන අතර ඇතිරිල්ලක් මගින් ආවරණය කරයි
  • ඔබගේ ඇස් විවෘතව පවත්වා ගැනීමට කුඩා ක්ලිප(clips) භාවිතා කරයි
  • ස්ථානික නිර්වින්දක බිංදු ඔබේ ඇස් වල වේදනාව නැති කිරීමට ඔබට ලබා දෙයි
  • ඔබේ ඇස තුලට ඉතා සිහින් කටුවක්(needle) ආධාරයෙන් එන්නත ලබා දීම සිදුකරයි

ආරම්භයේදී මාසයකට වරක් පමණ එන්නත් ලබාදීම සිදුකරයි. ඔබගේ පෙනීම ස්ථායී වීමට පටන් ගත් විට, එය නතර කිරීම හෝ නිරන්තර ලබා නොදීම සිදු කරයි. සමහර අවස්ථාවන්හිදී ප්‍රති-VEGF වෙනුවට, හෝ ප්‍රති-VEGF එන්නත් වලින් උපකාරයක් නොවුන විටදී ස්ටෙරොයිඩ ඖෂධ( steroid medication එන්නත් ලබාදීම සිදුකරයි. අවධානම් සහ අතුරු ආබාධ ප්‍රති-VEGF වලින් විය හැකි අවධානම් සහ අතුරු ආබාධ පහත ඒවාද ඇතුළුව:

  • ඇස්වල කැවෙන ගතිය හෝ නොසන්සුන් බව
  • ඇස තුළට ලේ ගැලීම
  • ඇස තුල පාවෙන ගතියක් හෝ හෝ යමක් ඇති බවට දැනීම
  • තෙත් හෝ වියළි, කසනසුළු ඇස්

එසේම මෙම එන්නත් මගින් රුධිර කැටි ඇතිවීම සිදුවිය හැකි අතර ඒවා, හෘදයාබාධ හෝ ආඝාතයට හේතුවිය හැක. මෙම අවධානම කුඩා නමුත්, ප්‍රතිකාර සදහා ඔබේ කැමැත්ත ලබා දීමට පෙර මේවා ඔබ සමග සාකච්ඡා කල යුතුයි. ස්ටෙරොයිඩ(steroid) එන්නත් වල ප්‍රධානම අවධානම නම් එය ඇස තුළ පීඩනය ඉහල දැමීමයි.

අක්ෂි ශල්‍යකර්ම

ශල්‍යකර්මය මගින් ඇසේ කාච රසයෙන් (vitreous humour) කොටසක් ඉවත් කිරීම සිදු කරයි. මෙය ඇසෙහි කාචයට පසුපසින් ඇති අවකාශය පුරවන විනිවිද පෙනෙන, ජෙලි වැනි ද්‍රව්‍යයකි. මෙය විට්‍රියෝරෙටිනල් (vitreoretinal) ශල්‍යකර්මය ලෙස හැදින්වෙන අතර, එය අවශ්‍ය වන අවස්ථා නම්:

  • ඇස තුල විශාල ප්‍රමාණයක රුධිරය එකතු වී ඇති විට
  • දෘෂ්ටි විතාන අබද්ධය ඇති කල හැකි හෝ, දැනටම ඇතිකර ඇති විශාල ප්‍රමාණයේ කැලැල් පටක තිබීම

මෙම ක්‍රියාවලිය අතරතුර, ශල්‍ය වෛද්‍යතුමා විසින් ඔබගේ ඇසේ කුඩා කැපුමක් සිදු කරන අතර කාච රසය ඉවත් කිරීමට පෙර, කිසිදු කැලැල් පටකයක් ඉවත් කිරීමට පෙර සහ විකිරණ භාවිතා කරමින් ඔබේ පෙනීම තවදුරටත් පිරිහීමට පත්වීම වලක්වයි. විට්‍රියෝරෙටිනල් (Vitreoretinal )සැත්කම් සාමාන්‍යයෙන් ස්ථානික නිර්වින්දක හා වේදනා නාශක යටතේ සිදුකරනු ලබයි. මෙහි අදහස නම් ශල්‍යකර්මය සිදුකරන අවස්ථාවේදී ඔබ කිසිදු වේදනාවක් හෝ ඒ පිලිබඳව දැනීමක් අත් නොවිදියි. ක්‍රියාපටිපාටියට පසු ශල්‍යකර්මය කල දිනම හෝ ඊට පසු දින ඔබට නිවසට යාමට හැකියාව ඇත. පළමු දින කිහිපයේදී, ඔබට ඇසට ආවරණයක් පැලදීමට සිදුවනු ඇත. මෙයට හේතුව නම් කියවීම සහ රූපවාහිනිය නැරඹීම වැනි ක්‍රියාකාරකම් මගින් ඔබේ ඇස ඉක්මනින් වෙහෙසට පත්වීමට ඉඩ ඇති නිසායි. ශල්‍යකර්මයට පසුව බොහෝ විට ඔබට බොද වී පෙනෙනු ඇත. මෙම තත්ත්වය ක්‍රමයෙන් වැඩිදියුණු වුවද, ඔබේ පෙනීම සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්වයට පත් වීමට මාස කිහිපයක් ගතවනු ඇත. සුවය ලැබෙන කාලය තුළ ඔබ විසින් නොකල යුතු දේවල් පිලිබඳව ඔබේ ශල්‍ය වෛද්‍යතුමා ඔබට උපදෙස් ලබා දෙනු ඇත. අවධානම් සහ අතුරු ආබාධ විට්‍රියෝරෙටිනල් (Vitreoretinal) ශල්‍යකර්මයේ සිදුවිය හැකි අවධානම් තත්වයන් පහත ඒවාද ඇතුළුව:

  • ඇසේ සුද වර්ධනය වීම
  • තවදුරටත් ඇස තුලට රුධිරය වහනය
  • දෘෂ්ටි විතාන අබද්ධය
  • සුදු ඉංගිරියාව (ඇස ඉදිරිපිට පිටතම ස්ථරය) තුල තරලය එක්‍ රැස් වීම
  • ඇසෙහි ආසාදන

මෙයින් පසුව ඔබට වැඩිදුර දෘෂ්ටි විතාන ශල්‍යකර්මයක් අවශ්‍ය වීමේ කුඩා ඉඩකඩක් ද ඇත. ඔබගේ ශල්‍ය වෛද්‍යතුමා විසින් මෙම අවධානම් තත්වයන් ඔබට පැහැදිලි කරනු ඇත.